අහේනියට කොහිල කාලා


(අංජුල මහික වීරරත්න)

2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 40කින් ඉහළ නැඟ තිබු බව හෙක්ටර් කොබ්බෑකඩුව ‌ ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් කළ  පර්යේෂණ වාර්තාවක දැක්වේ.

2021 සැප්තැම්බර් මස සිට 2022 අවසානය දක්වා මෙරට ආහාර උද්ධමනය සියයට 95ක් දක්වා ඉහළ ගිය අතර එය නිදහසින් පසු මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය බව ද එම වාර්තාවෙි සඳහන් වෙයි.

ආර්ථික අර්බුදය පැවැති 2021 හා 2022 කාලයේ ගෘහස්ථ එළවළු පරිභෝජනය ගත් කළ  කොහිල  ව්‍යංජන සදහා  ඉල්ලුම සියයට 45ක් දක්වා ඉහළ ගොස් තිබුණ බවත් වැඩි දෙනෙක් අවටින් සපයා ගත හැකි කුමක් හෝ එළවළුවක් ආහාර සඳහා යොදා ගෙන ඇති බවත් එම වාර්තාවෙි දැක්වේ.

ඊට සාපේක්ෂව බෝංචි සියයට 30කින්, කැරට් සියයට 29කින්, වට්ටක්කා සියයට 27කින්, වම්බටු සියයට 27කින් , කොළ සහිත එලවළු සියයට 10කින්  වශයෙන් පරිභෝජනයට ගැනීම පහත වැටී තිබේ.