අසුපිණිඇල්ලේ බටවලට ගිනි තැබුවැයි සිසුන් හයක් අල්ලයි


(චමිල් රූපසිංහ,ශාන්ත පී බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)

හෙම්මාවතගම පාණිය ජල යෝජනා ක්‍රමයට අයත් අරණායක අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නළ ගිනි ගැනිම සම්බන්ධයෙන් පාසල් සිසුන් හත් දෙනකු අද  අත් අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

මෙම ගිණි ගැනිම සම්බන්ධව විශේෂ පොලිස් කංඩායම් 4 ක් යොදවා පරීක්ෂණ මෙහෙයවූ අතර එහි ප්‍රථිඵලයක් ලෙස මෙම සැකකාර සිසුන් හත් දෙනා අත් අඩංගුවට ගැනිමට හැකි වු බවද පොලිසිය පවසයි.

එම ප්‍රදේශයේම පාසලක ඉගෙනුම ලබන මෙම සැකකාර සිසුන් පාසල් නිමවිමෙන් පසු මෙම ජල ව්‍යාපෘතිය අසල ඉඩමකට ගොස් දුම් පානය කර ඇති අතර එහිදි විසිකළ ගිණිකුරක් නිසා මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් විමර්ශනවලදි තහවුරු වු බව පොලිසිය පවසයි.

මෙම සිසුන් හත් දෙනාගෙන් සිසුන් 5 දෙනකු හෙට දිනයේ සාමාන්‍යෙපළ විභාගයට මුහුන දිමට ඇති බවත් අනික් සිසුවා ලබන වසරේ සාමාන්‍යෙපළ විභාගය සදහා මුහුන දිමට සිටින බවත් පොලිසිය පවසයි.