(ඉන්දිකා රාමනායක)
අසාධ්‍ය කොවිඩ් රෝගීන් වෙත ලබාදෙන ඇක්ටෙම්රා ( Actemra) නැමැති එන්නත් පහක් නීතිවිරෝධී ලෙස අලෙවිය සදහා නිවසෙ ශිතකරණයක ගබඩා කරගෙන සිටි සැකකරුවෙක් බොරැල්ල ප්‍රදේශයේ නිවසකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ බස්නාහිර බුද්ධි කොට්ඨාසය එක්ව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම එන්නතක් රුපියල් 5,95000ක මුදලකට අලෙවි කිරීමට මෙලෙස ගබඩා කරගෙන සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම එන්නත ආනයනය කිරීම සඳහා බලය ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියට පමණක් බවත් සැකකරුවන් මේවා නීති විරෝධී ලෙස ආනයනය කරන මෙලෙස වැඩි මිලට අලෙවි කරන බවට ද තොරතුරු හෙළි කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බාරයේ මෙම එන්නත් 20 තිබී ඇති අතර ඔහු ඒවායින් එන්නත් 15 ක් පමණ නීති විරෝධි ලෙස අලෙවි කර ඇති බවද පොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම එන්නත් ශීතකරණයේ ගබඩා කිරීම විශේෂ ක්‍රමවේදයක් යටතේ සිදුකළ යුතුව අතර සැකකරු සිය නිවසේ ශිතකරණයේ එළවලු, මාංශ අතර මේවා ගබඩා කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

