අසාද්ගේ ප්‍රකාශයට රාමඤ්ඤ නිකායේ විරෝධය


(අංජුල මහික වීරරත්න)
රටෙි පොදු නීතිය පිළිගන්නේ නැතැයි ද මුස්ලිම් ජනතාව යටත් වන්නේ ශරියා නීතියට යැයිද  කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය අද(16) යෝජනාවක් සම්මත කර ගත්තේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය කොල්ලුපිටිය පොල්වත්ත මහා  විහාරයට රැස්වී මෙම යෝජනාව සම්මත කරගත් බව රාමඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප්‍රකාශක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.
රාමඤ්ඤ නිකායේ පරිපාලනයේ උත්තරීතර මණ්ඩලයේ වන විශේෂාධිකාරී මණ්ඩල මණ්ඩල රැස්වීමට නිකායේ සංඥා ලේඛකාධිකාරී අංකුඹුරේ ප්‍රේමවංශ,වැඩ බලන ලේඛකාධිකාරී හාන්පන්විල පාලිත, උත්තරීතර මණ්ඩලයේ මහාචාර්ය අක්මීමන ධම්මපාල ,වාද්දුවෙි ධම්මවංශ සහ තල්දෙන ආරිය විමල නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය සහභාගී වූහ.
විශේෂාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් ඕමල්පේ සෝභිත නා හිමියන් පැවසූයේ අසාද් සාලි මහතාගේ ප්‍රකාශය රාමඤ්ඤ නිකාය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි.