අශෝක් අබේසිංහ සී.අයි.ඩී.ය මඟහරී


(ඉන්දිකා රාමනායක)
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා සිටි ජාතික සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඊට මුදල් යෙද වු පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස මන්ත්‍රීවරයා සීඅයිඩියට කැඳවා තිබිණි.
 
ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හෙට (9) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඒ මහතාට නැවත දැනුම් දුන් බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
අශෝක් අබේසිංහ මන්ත්‍රිවරයා කළ මෙම ප්‍රකාශයට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 6 දෙනකු හා ඇවන්ට්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.