(සුජිත් හේවාජූලිගේ)
යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති නම් ඒවා සංශෝධනය කිරීමටත් පක්ෂවල ව්‍යාවස්ථාවන් හි එවැනි වගන්ති ඇතුළත් නම් එම දේශපාලන පක්ෂ දැනුවත් කර ඒවා සංශෝධනය සඳහා කාලය ලබාදීමටත් මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
ජනවාර්ගික සහයෝගිතාව හා රටේ අවුල් වියවුල් ඇතිවීම වැළැක්වීමේ පියවරක් ලෙස මේ තීරණය ගෙන ඇතැයි කොමිසමේ නිලධාරීහු පවසති.

