අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙකක් මරුට:දෙකක් රෝහලට


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ඉන්දිකා රාමනායක සහ කේ බුද්ධික කුමාරසිරි)

අවිස්සාවේල්ල ඉහළතල්දූවේ දී අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත්  දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූවන්ගෙන් ඒ අයකුගේ තත්ත්වය බරපතල බව  රෝහල් ආරංචි මාර්ග පවසියි.

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

යතුරු පැදියකින් ආ දෙදෙනකු ටී.56 ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති අතර වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වෙඩි පහරට ලක්ව මෙලෙස මියගොස් ඇත්තේ අංක 248/1 පරණ දුම්රිය පාර, තල්දූව අවිස්සාවේල්ල ලිපිනයේ පදිංචි කොට්ටාල බද්ද විදානලාගේ ධනුෂ්ක ප්‍රේමලාල් නැමති 38 හැවිරිදි පුද්ගලයෙක් සහ අංක 437/9, දංගොල්ල පාර තල්දූව අවිස්සාවේල්ල ලිපිනයේ පදිංචි 27 හැවිරිදි මේන ගීගනගේ ඉෂාර මධුෂාන් නැමති පුද්ගලයකි.

(ඡායාරූප: කේ බුද්ධික කුමාරසිරි)