(සුජිත් හේවාජූලිගේ)
ඉදිරියේ එළඹෙන උත්සව සමයේ දී අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවන බව කෝවිඩි - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාවිත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්ව මහතා පවසයි.
පසුගිය නත්තල් උත්සව සමයේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව අනුගමනය නොකළ හෙයින් කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගිය බව ද යුද හමුදාපතිවරයා කියයි.
එළඹෙන උත්සව සමයේදී සෞඛ්‍ය උපදෙස් පෙර ලෙසම පිළිපදින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද එහු සඳහන් කළේය.

