(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කලගෙඩිහේන ප්‍රදේශයේ අවමගුල් උත්සවයක් වෙනුවෙන් මාර්ගය දෙපස ආලෝකමත් කිරීමට ගිය පස් දෙනෙකුට පමණ විදුලි සැර වැදී ඇති අතර එයින් එක් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනෙක් සිව් දෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙති.
මියගොස් ඇත්තේ කලගෙඩිහේන ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් කරුණානායක නැමැත්තෙකි.

