
(කේ.ඩි. දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍ය වෙනුවෙන් උදෑසන 4 සිට දහවල් 12 දක්වා බැතිමතුන් වෙනුවෙන් පූජා තැබීම සඳහා අවසරය ලබා දෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය.
මේ වනවිට රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පැවැත්වෙන අතර දිවයිනේ නන්දෙසින් බැතිමතුන් පැමිණ ආපසු යමින් පැවතීම මත හා කතරගම ජන ජිවත් වන ජනයාගෙන් වැඩි පිරිසක් සිය ජිවන උපයා මාර්ගය ලෙස වන්දනා කරුවන්ට සේවා හා භාණ්ඩ සපයා දිවි ගෙවීම මත දැඩි ආර්ථික ගැටළු වලින් පීඩා විදින කතරගම ජනයාගේද පැවැත්ම මුල් කරගෙන මෙම තීරණය ගත් බවද දිල්රුවන් රාජපක්ෂ බස්නායක නිළමේ වරයා පැවසීය.
මොනරාගල දිසා ලේකම් හා කතරගම ඇසළ කඳවුරු බාර නිළධාරි ගුණදාස අමරසිංහ මහතා පැවසුවේ මීටරයක් දුරකින් වැඩි පිරිසක් එක් රොක් නොවන පරිදි මහා දේවාලයට පැමිණ පුජාව තබා කෙටි කාලයක් තුළ පුජා භුමියෙන් පිටත් කෙරෙන පරිදි මෙම තීරණය ගත් බවයි.
මේ වනවිට රටේ පවතින වතාවරණය අනුව සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කිරීම වැදගත් බවත් දේවාල භුමියට පැමිණිමට පෙර අත් සේදීම, මුඛ ආවරණය පැළඳවීම හා උණ පරික්ෂාව සිදු කිරීම අනිවාර්ය කරමින් මෙම තීන්දුව ගත් බව කඳවුරුභාර නිළධාරි ගුණදාස අමරසිංහ මහතා සඳහන් කළේය.
කතරගම ජනයා ගෙත් පැමිණෙන වන්දනා බැතිමතුන්ගේත් දැඩි ඉල්ලීමක් මත අදාළ බළධාරින් සමග සාකච්ඡා කර කතරගම ජිවත් වන ජනයාගේ යහපත උදෙසාද මෙම කෙටි කාලය ලබා දීමට තමන් වහන්සේ ද ක්‍රියා කළ බව රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රි අභිණවාරාම විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණ තිස්සහිමියන් සදහන් කළ සේක.
කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා සඳහන් මේ වනවිට කතරගම ජිවත් වන ජනයාගෙන් පවුල් 5078ක් සිය ජිවිකාව ලෙස වන්දනා කරුවන්ට නවාතැන් ලබා දිම හා සේවා හා පළතුරු වෙළඳාම් වැනි රැකියාවෙන් දිවි ගෙවන පිරිසක් වන බැවින් සහරන්ගේ සිද්ධින් සමග 2019 වර්ෂයේ සිට කතරගම ජනයාගේ ආර්ථිකය කඩා වැටි ඇති පසුබිමක මේ වැනි සහනයක් ලබා දිමට පියවරක් ගත් බවයි.
මෙම රැස්වීම කතරගම අභිනවාරාම විහාරස්ථානයේදී පැවැත්විය.

