අලුත් පොලිස්පති කතානායක හමුවෙයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කීවේ තමන් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පොලිස්පතිවරයා ලෙස පත්වීම පිළිබඳව සතුටුවන බවයි. එය වඩාත් හොදින් ධුරයේ රාජකාරි කටයුතු සිදුකිරීමට, යහපත් පරිසරයක් නිර්මාණය කරන බව පොලිස්පතිවරයා පැවසුවේය.

තවද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ජා විය.