අලුත් නි. ඇමතිලා හය දෙනාත් මැතිසබේ තෙල් එපා කියති


(සුජිත් හේවාජුලිගේ)

මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබාදෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.

මේ අනුව මින් ඉදිරියට ඔවුන්ට හිමිවන්නේ නියෝජ්‍ය ඇමතිවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව පමණකි.

එරංග ගුණසේකර, අරවින්ද සෙනරත්, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න සහ එම්.එම් අයි අර්කම් මෙසේ මන්ත්‍රී ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව දැනුම් දුන් නියෝජ්‍ය ඇමතිවරු වෙති.

පසුගිය රජයන්හි ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු බොහෝ දෙනෙක් අමාත්‍ය ධූරයට ලැබෙන ඉන්ධන දීමනාවට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාවද  ලබා ගත්හ.

අගමැතිනිය ඇතුළු ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් 48 දෙනකු පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාව මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණ.