අලුත් ජනපතිට එතරිනුත් ශුභාශිංසන


(විමුක්ති එස් රුද්‍රිගු)

රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සුබ පැතුම් එක් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළහ.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම සුබ පැතුම් වල පොදුවේ ඇතුළත් විය.

එසේම ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් එම සුබ පැතුම් වල සටහන් විය.

නව රජය සහ සියලු පාර්ශ්ව සාමකාමී,ස්ථාවර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය,නීතියේ ආධිපත්‍ය, මානව අයිතිවාසිකම්, සාමකාමීව රැස්වීමේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එසේම ව්‍යවස්ථානුකූලව පත් වූ නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට සුදානම් බව එම නිවේදනයේ දැක්වේ.