(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවීමට යන ස්ථාවර කාරක සභා තුන සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මන්ත්‍රීවරුන් සිවු දෙනෙකුගෙන් යුතු විශේෂ කමිටුවක් පත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ඊයේ (8) තීරණය කෙරුණු බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඒ අනුව එම කමිටුවට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එම්.ඒ සුමන්තිරන් සහ සාගර කාරියවසම් යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.
මෙලෙස අලුතින් ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ බැංකුකරණය හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව නමැති කාරක සභා තුනයි.

