(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අලුත් කඩේ උසාවිය ඇතුළේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට සම්බන්ධ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අලුත්කඩේ උසාවියේ මිනී මැරීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙනවා. අධිකරණයේ විශාලතම කාර්යභාරය ඉටුකරන විනිසුරුවන්ට යම් ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.
සිවිල් පුරවැසියන්ටත් අනාරක්ෂිත බවක් ඇතිවී තිබෙනවා. මාධ්‍යවේදීන් මේ කරුණු වාර්තා කරනවා .ඔවුන්ද වාර්තා කිරීමේදී අනාරක්ෂිත බවක් ඇතිවී තිබෙනවා. උසාවි නියෝගයකින් චමුදිත නැමති මාධ්‍යවේදියාට ආරක්ෂාවක් ලබා දී තිබුණත් එය ඉවත් කර තිබෙනවා.සමස්ත ජනතාවගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු විය යුතුයි.
මේ ගැන විශේෂ පරීක්ෂණ පවත්වා නිසි පියවර ගන්න. මහජන නියෝජිතයන්ගේ ආරක්‍ෂාව ගැන වගකීම තිබෙන්නේ කතානායකවරයාටයි.අධිකරණ පද්ධතිය කඩා වැටුණු සමාජය බිඳ වැටීමට ලක්වෙනවා.විනිසුරවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන්න.ඔවුන්ගේ ආරක්ෂාව ඉවත් කරන්න එපා. යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.