(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන ඇතුළු විවිධ පාර්ශව ඉදිරිපත් කර ඇති සියලු යෝජනා අසාර්ථක සහ ප්‍රතිඵලදායි නොවන බව පරිසරය ස්වාභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ “ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා ක්‍රියාකාරී සැලැස්ම 2023” නමැති වාර්තාවේ සඳහන් වේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලිය, රජයේ විශ්වවිද්‍යාල, පුද්ගලික ආයතන, විවිධ විද්වතුන් සහ විදේශ සංවිධාන අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා පසුගිය කාලයේදී යෝජනා ඉදිරිපත් කර තිබූ බව එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය
අලි වැටට පමණක් අවධානය යොමු කිරීමෙන් අලි මිනිස් ගැටුම වැළැක්විය නොහැකි බව මේ අනුව පැහැදිලිවම පෙනෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීවේය.

