අල්ලස්ගත් පොලීසියේ දෙන්නෙක් මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

නීතිමකින් කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබාගත් දිය බෙදුම පොලිසියේ පොලිස් සැරෙන් වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකි.

අත්තන කඩවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකරු විසින් ඔහුට අයත් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි දිය ඔහුගේ යතුරුපැදිය නවතා පරික්ෂා කර වලංගු රියදුරු බලපත්‍රයක් හා ආදායම් බලපත්‍රයක් නොමැතිව බීමත්ව ධාවනය කිරීම සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර පැමිණිලිකරුගේ යතුරුපැදියේ රක්ෂණ සහතිකය සහ කල් ඉකුත් වූ ආදායම් බලපත්‍රය සැකකාර පොලිස් නිලධාරීන් භාරයට ගෙනඑම බලපත්‍ර දෙක ආපසු ලබාදීම සඳහා රුපියල් 5000 ක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

එකී මුදල දිය බෙදුම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේදී ලබා ගනිද්දී එම කොමිස්මයෙන් නිලධාරීන් විසින් සැකකාර නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

 

.