
(රෝෂන් තුෂාර)
පුද්ගලික රක්ෂණ සමාගමකට අයත් වාහන සඳහා සක්‍යතා වාර්තා ලබාදීමට රුපියල් 6,415,050 ක අල්ලසක් ලබා ගත්තේ යැයි රිමාන්ඩ් බාරව සිටින රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අතිරේක රස පරීක්ෂක ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග .එස්.බෝදරගම මහතා 09 නියෝග කළේය.
පසුගිය 05 දින අත්අඩංගුවට ගැනීමෙන් පසුව කෑගල්ල මහේස්ත්‍රාත්වරයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඩී. එච්. එල්. ඩබ්. ජයමාන්න නැමැති සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
පුද්ගලික රක්ෂණ ආයතනයකට අයුතු ලාභයක් සලසා රජයට අයුතු අලාභයක් සිදු කර රජයේ සේවකයකු ලෙස තුටු පඬුරු භාරගැනීම සහ දුෂණය යන වරද සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

