(සුජිත් හේවාජුලිගේ )
රටේ අල්ලස දූෂණය වැඩියෙන්ම සිදුවන ආයතන අතර පළමු ස්ථානයට පොලිසිය පැමිණ ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්යවරුන් දෙදෙනකු කළ සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇත.
දිවයිනේ සිංහල දෙමළ සහ මුස්ලිම් පන්සියයකට වැඩි පිරිසක් යොදාගෙන මාර්ගගත ක්‍රමයට(ඔන්ලයින් ) මෙම සමීක්ෂණය කරනු ලැබ ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකෝරළ සහ මාලක රණතිලක යන මහත්වරුන් විසිනි.
එම සමීක්ෂණය අනුව අල්ලස දූෂණය මීළඟට වැඩිම ආයතනය ලෙස පාර්ලිමේන්තුව හඳුනාගෙන ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කළේය.
ඉන් පසු වංචාව දූෂණ වැඩිම ආයතන ලෙස පිළිවෙළින් පළාත් සභා සහ ප්‍රාදේශීය සභා, ග්‍රාම නිලධාරී සේවය, අධ්‍යාපනය ක්ෂේත්‍රය, විදුලිබල මණ්ඩලය,ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකාව රේගුව හඳුනාගෙන ඇති බවද ඔහු කීවේය.
මේ අතර රාජ්‍ය ආයතන වල සේවා ලබා ගැනීමට යන අයගෙන් සියයට අනූ හතරක් පමණ කුමන හෝ දුෂ්කරතාවයකට මුහුණ දෙන බව එම සමීක්ෂණයේදී තොරතුරු හෙළිවී ඇත.
සෑම රාජ්‍ය ආයතනයකම කුමන හෝ දූෂණයක් සිදුවන බව සියයට අනූ හතරක පිරිසක් ප්‍රකාශ කරන්නේ යැයි පැවසූ මහාචාර්යවරයා මින් සියයට 22ක්ම රාජ්‍ය ආයතනවලින් වැඩ කරගෙන ඇත්තේ විවිධ අල්ලස් දීමෙන් බව හෙළිවී ඇතැයිද ප්‍රකාශ කළේය

