(කේ.බුද්ධික කුමාරසිරි )
කිසිදු කැපුම් තුවාලයක් රහිතව අල්ට‍්‍රා සොනික් තාක්ෂණය යොදා ගනිමින් උගුරේ කළ සැත්කමකින් පිළිකාවක් හෝමාගම මූලික රෝහලේදී සාර්ථකව ඉවත් කළ බව රෝහලේ උගුර කණ නාසය සහ බෙල්ල පිලිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පැවසීය.
මෙම සැත්කම ශී‍්‍ර ලංකාවේ ප්‍රථම වරට සිදු කළබවද ඒ මහතා සඳහන් කළේය.
පානදුර ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගයෙකු ඊයේ (05) මෙලෙස ශල්‍ය කර්මයට ලක් කර තිබිණි.
එම රෝගියා සති තුනකට පමණ පෙර තමා හමු වී රෝගි තත්වය පිළිබදව පැවසීමෙන් පසු ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී උගුරෙහි හුස්ම ගැනිමට අපහසු අන්දමේ ගෙඩියක් වැනි යමක් නිරීක්ෂණයට ලක්වූ බවත්, ඉන් අනතුරුව රෝගියාට හුස්ම ගැනිම සදහා බෙල්ලෙන් පිටතට බටයක් සවිකර රෝගියාට හුස්ම ගැනිම පහසු කරවීමට ප‍්‍රථමයෙන්ම කටයුතු කළ බවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පැවසීය.
පසුව එම ගෙඩියෙහි කොටසක් පරීක්ෂණයට භාජනය කර එය පිළිකාවක් බවට හදුනා ගැනිමෙන් පසු ට‍්‍රාන්ස් ඕරල් එන්ඩ‍්‍රස්කොපි අල්ට‍්‍රාසොනික් තාක්ෂණය යොදා ගනිමින් රෝගියාට කිසිදු තුවාලයක් සිදු නොකට මුව තුලින් උගුර හරහා යවන ලද කැමරා භාවිතයෙන් අදාල පිලිකාවෙන් සියයට අනූ අටක පමණ කොටසක් ඉවත් කිරීමට හැකි වී තිබේ.
ඉතිරි කොටසද වෙනත් ක‍්‍රමවේදයක් ඔස්සේ ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද උගුරේ පිළිකාවක මූලික අවධියේදි හදුනා ගැනිමෙන් පසු සියයට සියයක්ම මේ ආකාරයෙන් ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කිරීමට හැකි බවද වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පැවසීය.