(අංජුල මහික වීරරත්න)
රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳීමට හෝ නොසළකා හැරීමට නොහැකි බැවින් එම තත්ත්වයට මුහුණදීමට රට සූදානම් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රජය මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ එම කර්තව්‍ය බවද ජනාධිපතිවරයා කීය.
කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කළ අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය .
නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමට රජය පියවර ගත් බව ද ජනාධිපතිවරයා කීය.

