
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන්වහන්සේලා 31දෙනෙකු සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කල දැනට ජීවතුන් අතර සිටින කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිට නියෝග කරන්නැයි ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන් දිවි ගලවාගත් සදාකාලික අබාධිත තත්ත්වය පත් ආදාඋල්පත බුද්ධසාර හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වන සීමිත විරෝධතා සැප්තැම්බර් 30 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නීතිපතිවරයාට නියෝග කළේය.
එසේම ඒ සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා ඔක්තෝබර් 9 වැනිදාට ගොනු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.
මෙම පෙත්සම කැදවූ අවස්ථාවවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අවන්ති පෙරේරා මහත්මිය කියා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලැබුනේ ඊයේ දිනයේ බැවින් වැඩිදුර උපදෙස් ලබා ගැනීම සදහා තමන්ට කල් අවශ්‍ය බවය.
එම කරුණ සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල පෙත්සම් සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඇත්නම් ඒවා මෙදිනට ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට නියෝග කළේය.
ඒ අනුව ලබන නොවැම්බර් 12 වැනිදා මෙම පෙත්සම සලකා බැලීමටද අධිකරණය අද තීන්දු කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය , එස්.තුරෙයිරාජා සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම හමුවේ කැදවිණි.
අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන්වහන්සේලා 31දෙනෙකු සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කල දැනට ජීවතුන් අතර සිටින කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිට නියෝග කරන්නැයි ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන් දිවි ගලවාගත් සදාකාලික අබාධිත තත්ත්වය පත් ආදාඋල්පත බුද්ධසාර හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් අගතියට පත් පාර්ශවකරුන්ට රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් ලබා දෙන්නැයිද ඉල්ලා සිටියහ.
නීතීඥ මෝදිත ඒකනායක මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති , රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක සුරේෂ් සාලේ , නීතිපති නම් කරනු ලැබ සිටිති.

