(සුජිත් හේවාජුලිගේ )
ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද අළුයම පහරදුන් පහර දුන් සහ ඊට නියෝග දුන් සියලුම දෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .
මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව තමා දැඩි කම්පනයට පත්ව සිටින බවත් ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් ඔහු සඳහන් කළේය .
රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවට එරෙහිව මුළු රටම නැගී සිටින දිනය වැඩි ඈතක නොවන බවද විපක්ෂ නායකවරයා කීවේය.
ඔහු මෙසේ පැවසූවේ අරගල කරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.