අරගල භූමියේ තුවාල ලැබූ 15ක් රෝහලට


(රංජන් කස්තුරි)

මයිනාගෝගම සහ ගෝඨා ගෝගම නිර්පාක්ෂික විරෝධතා භූමියට කඩා වැඳුණු විරෝධතාකරුවන් පිරිසක් එල්ල කර මැර ප්‍රහාරයට ලක් වු 15 දෙනකු තුවා ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.

තුවලකුරවන් අතර පොලිස් නිලධාරින් කීප දෙනකු ද සිටින බව වාර්තා වන අතර මෙම සිද්ධිය වාර්තා වීමත් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදා, ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක, ලාල්කාන්ත ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජතයන් ද එම ස්ථානයට පැමිණියහ