අයිස් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සමග පුද්ගලයෙක් අත්අඩංගුවට


 බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

 වැල්ලම්පිටිය විජය විමලරත්න මාවතේ  නිවසක් කුලියට ගෙන අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ යෙදුණු   පුද්ගලයෙක් අද  (29 ) අත්අඩංගුවට  ගත් බව කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය කියයි.

එම සැකකරු සන්තකේ තිබී  රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම්  අසූ එකක් සහ ලක්ෂයක් පමණ වටිනා මත්පෙති 28 ක් සොයාගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.

වැල්ලම්පිටි ප්‍රදේශ පුද්ගලයෙකු සමාජ ශාලාවලට සහ විවිධ පුද්ගලයන්ට  මත්ද්‍රව්‍ය   අලෙවි කරන බවට දිසා දූෂණ මර්ධන ඒකකයට  ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඔහු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය සහ අල්මාරි බහා තිබූ මත්පෙති සොයාගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට  ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වන අතර සැකකරු අධිකරණය ඉදිරිපත් කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසියට භාර දී ඇත .