(ඩි.ජි.සුගතපාල)
ආරවුලක් දුර දිග යාමෙන් හේතුවෙන් අයියා විසින් ගුරුවරියක්වු තම නැගණියට පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් පහරදි අද (31) අලුයම ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කඹුරුපිටිය පදිංචි දික්වැල්ල විද්‍යාලයක ගුරුවරියක් වන රජගල්ගොඩ ගමගේ අයේෂා නිශාමනි නමැති32 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා බව කියන සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
.