
(ගයාන් සූරියආරච්චි)
ගිණුම් හිමිකරුගේ අනු දැනුමකින් තොරව කෝටි දෙකක මුදලක් වෙනත් ගිණුමකට බැර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 37 ක ගම්පහ ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
පෞද්ගලික බැංකුව පවත්වාගෙන යනු ලබන රුපියල් දෙකෝටි අට ලක්ෂ හතළිස් දහස් හාරසිය අනූ හයක මුදලක් එම ගිණුම් හිමිකරුගේ අනුමැතියකින් තොරව තවත් බැංකුව නිලධාරීන් කීප දෙනකු විසින් වෙනත් ගිණුමකට බැර කර ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනවලට අනුව බැංකු සහකාර කළමනාකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංහ්‍ය වැඩිදුර විමර්ශන සිදුකරයි.

