
(අංජුල මහික වීරරත්න)
ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගංවතුරට යට වෙමින් පවතින බවට පැතිර යන කතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එම රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මුල්ලේරියාව රෝහලේ සිට සෑහෙන දුරින් ගංවතුර තත්වය පැවැතුනද ඉන් රෝහල් කටයුතු වලට බාධාවක් සිදුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර අවශ්‍ය නම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ස්ථාපිත කර ඇති ක්ෂණික දුරකථන අංකය වන 1926 ට පැය 24 පුරා ඇමතිය හැකි බව අමාත්‍යංශය පවසයි.

