
(යොහාන් භාසුර)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව එම සමාගම පවසයි.
ඒ අනුව එල්.අයි.ඕ.සී. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62 කින්, ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 11 කින් ඉහළ දැමූ බවත් එම සමාගම කියයි.
එම මිල ඉහළ දැමීත් සමඟ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 365 ක්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 420 ක්, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 351 ක්, සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 421 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 242 බවට පත්වූ බව එල්.අයි.ඕ.සී. වැඩිදුරටත් පවසයි.

