අයි.එම්.එෆ් ලංකාව මිරිකුවා තද කළා වැඩියි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


අයි.එම්.එෆ් එක  ශ්‍රී ලංකාවේ වැසියන් තද කළා මිරිකුවා  වැඩි යැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී  අද (15) පැවසීය.

ලයිට් බිල වතුර බිල වැඩි කිරීමට සිදුවූයේ අයි.එම්.එෆ් කොන්දේසි නිසා බව පැවසූ අමාත්‍යවරයා තමා බලයට පැමිණි පසු ණය  ගන්නා බවට සජිත් ප්‍රේමදාස පොරටෝක් දමන බවද ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.