අයි.එම්.එෆ් කොන්දේසිවලින් රජය කතා කරන්නේ විකිණීම පමණයි


 

(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසූ වැදගත් කරුණු රැසක් බැහැර කර ඇති රජය විකිණීම ගැන පමණක් කතා කරමින් සිටින බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ හැක්කේ කෙසේද යන්න තමන් අමාත්‍යධුර දරන කාලයේ පෙන්වා දී ඇතැයි කී මන්ත්‍රීවරයා රජයේ ව්‍යාපාර පෞද්ගලික අංශයට පවරා දීමක් කරන්නේ නම්, නම් අතිශය ශක්තිමත් නියාමන ක්‍රියාවලියක් අවශ්‍ය බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම රජයේ වගකීමක් වන අතර,තමන් කිරීමට යන දේ සම්බන්ධයෙන් රජය වහාම ප්‍රකාශනයක් කළ යුතු බවද රණවක මහතා කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ 43 සේනාංකය අද (31) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.