අයවැයෙන් ’’උඩ-බිම’’ ගමනට සලකන හැටි කතා කරයි


(අංජුල මහික වීරරත්න)

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබද සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්‍යාලයේදී අද (11) පැවැත්විණි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන , වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන,  ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.