(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද පස්වරු 6 ට පැවැත්වේ.
අයවැය විවාදය ඉකුත් 13 වැනිදා සිට දින හතක් පුරා පැවැත්විණි.
කාරක සභා අවස්ථා විවාදය හෙට සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වේ. අයවැය තෙවන වර කියැවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා පස්වරු 6 ට පැවැත්වීමට නියමිතය.

