(යොහාන් භාසුර)
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍යංශයේදී අද (28) පැවැත්වීණි.
තානාපතිවරයා සමඟ ලේකම් හිෂාම් තහා මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
පලස්තීනයේ ගාසා තීරයේ වත්මන් යුද්ධ තත්ත්වය හා යුද්ධය නැවත්වීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකාව සදාකාලිකව යුද්ධයට විරුද්ධ වන අතර නිදොස්, අහිංසක පලස්තීන ජනතාවට අත්වන මරණයන් නැවත්වීමට සියලුම පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.