අම්බලන්තොට-හම්බන්තොට මාර්ගයේ කොටසක් වැස්සෙන් යටවෙයි


 

 

 

(සනත් ගමගේ)

අම්බලන්තොට වලවේ ගඟේ මෝය කට ඇහිරීම හේතුවෙන් අම්බලන්තොට හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ එක්කස්ස ප්‍රදේශයේ කිරළ කැලේ වංගුව අසල මාර්ගය අද (10) උදෑසන ජලයෙන් යටවී තිබිණි.

වලවේ ගඟ ඉහළ ප්‍රදේශයට පැවැති අධික වැසි හේතුවෙන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති හෙයින් ජලය බැස යෑමට නොහැකි වීමෙන් වලවේ ගඟ අවට පහත් බිම් මෙලෙස ජලයෙන් යටවීම සිදු වී ඇත.