
(සනත් ගමගේ)
අම්බලන්තොට ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව යතුරෙන්ම විවෘත කර මුදල් රැගෙන ගොස් ඇති බවට පැමිණිලි කර ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි.
ප්‍ර දේශිය ලේකම් කාර්යාලයේ නැගෙනහිර පැත්තේ ඇතුලත් වන වීදුරු සවිකර ඇති දොර කඩා කඩා කාර්යාලයට ඇතුල් වී ගණකාධිකාරි (සරප්) අංශයේද ජනෙල් කඩා ගෙන එම අංශයට ඇතුල් වී සේප්පුව අදාල යතුරෙන්ම සේප්පුව විවෘත කර සේප්පුවේ තිබූ රාජ්‍ය මුදල් රැගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
රැගෙන ගොස් ඇති මුදල් ප්‍රමානය කොතෙක්ද කියා තවමත් ගනනය කර නොමැති අතර රුපියල් ලක්ෂ 12 හෝ 15 ක් විය හැකි බවට අනුමාන කරන බවද කාර් යාල නිළධාරිහු පවසති.
ප්‍රා දේශිය ලේකම් කාර් යාලයේ ටැබ් පරිගනක යන්ත්‍රයක් රැගෙන යෑමට ගෙන එය දමා ගොස් ඇති බවද පොලීසිය කියයි.
ප්‍රා දේශිය ලේකම් කාර් යාලයේ ආරක්ෂාව සඳහා එක් ආරක්ෂක නිළධාරීයෙක් පමනක් රාජකාරියේ යොදවා තිබූ බවද පොලීසිය කියයි.


