
(නවරත්න සමරතුංග)
වැඩි මිළට විකිණීම සඳහා පුද්ගලික ගබඩාවක සඟවා තිබු රජයේ සහන පොහොර මිටි 50ක් අද අම්පාර වාවින්න ප්‍රදේශයෙන් සොයාගත් බව අම්පාර මිල පාලන ඒකකය කියයි.
එම පොහොර තොග ගොවීන් වෙත බෙදා දීමට ද අම්පාර දිස්ත්‍රික් මිළ පාලන ඒකකය පියවර ගත්තේය.
වාවින්න දකුණ ගබඩාවක පොහොර සගවාගෙන වැඩි මිලට අලෙවි කරන බවට නිර්නාමික දුරකතන ඇමතුමක් අනුව මෙම වැටලීම සිදු කළේය.
ඒ සඳහා රජයේ බුද්ධි අංශ නිලධාරීන්ගේ ආවේශන රාජකාරි මත අම්පාර මූලස්ථාන පොලීසිය හා යුධ හමුදා ආරක්ෂක අංශ සාමාජිකයින්ද මෙම වැටලීම සිදුකර ගබඩාවට මුද්‍රා තැබීමට පියවර ගෙන තිබිණි.
මෙම ගබඩාවේ තිබුණ පොහොර තොගයෙන් විශාල ප්‍රමාණයක් ඒවන විට වැඩිමිල අලෙවි කර තිබුණ අතර පොහොර මිටි පනහකට ආසන්න සංඛ්‍යාවක් එහි තිබිණි.
අනතුරුව අම්පාර දිසාපති ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතාෙග් උපෙදස්මත අද 17 දින පොහොර ගබඩාව විවෘත කර ගොවීන් වෙත බෙදා දීමට පියවර ගෙන තිබිණි.



