(වසන්ත චන්ද්‍රපාල සහ එච්.ඒ.ඩී.ඥානසිරි)
අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පවසයි.
ඒ අනුව ජලය කළමණාකරණය කිරීම සදහා ගල්ඔය ගඟට සහ ප්‍රධාන වම් ඇළට ජලය නිකුත් කළ බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරුවරයා කියා සිටියේය.
ගල්ඔය වම් ඉවුරට සහ ගල්ඔය ගඟට ඒ අනුව අද සවස 5.00 පමණ ජලය මුදාහරිනු ලැබිය.
එම ජල ධාරාවන් තුළින් ඉගිනියාගල ජල විදුලිබලාගාරයේ ටර්බයින් දෙක ක්‍රියාත්මක කරනු ලැබිය.
ඒ අනුව ගල්ඔය වම් ඉවුරට සහ ගල්ඔය ගඟට තප්පරයකට ඝණ අඩි 800 ක ජල කඳක් නිකුත් වෙන බව ද ඔහු සඳහන් කලේය.
ඉඟිණියාගල ජල විදුලිබලාගාරය හරහා පිටවෙන ජලයෙන් මෙගාවොට් 5.4 ක විදුලියක් ජාතික පද්ධතියට එකතු වෙන බව විදුලි බල මණ්ඩලයේ උසස් නිළධාරියෙක් පැවසිය.
ගල්ඔය ගඟේ එක් බැම්මක් කැඩි යෑමේ අවධානමක් පවතින නිසා ඒ අවට ගම්මානවල පවුල් 45 ක් 112 ක පමන පිරිසක් අම්පාර මාහවාපි විහාරස්ථානයේ තාවකාලිකව නේවාසික පහසුකම් ලබාදුන් බව අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා පැවසිය.
එම පිරිසට අවශ්‍ය පිසු ආහාර අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හරහා ලබාදිමට පියවර ගෙන ඇති බවද පැවසිය.
දැනට පවතින වර්ෂාව සමග අම්බලන්ඔය, එක්ගල්ඔය පන්නල්ගම, ටැම්පිටිය, කලුගල්ඔය ජලාශය,කොණ්ඩුවටුවාන ,අම්පාර , නාමල්ඔය වැව් වාන් දැමීමට පටන් ගෙන තිබේ.
හෙට දවසේ සේනානායක සමුද්‍රයට වැඩිපුර ජලය එකතු වුවහොත් එහි වාන් දොරටු විවෘත කිරිමට පියවර ගන්නා බවද අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා වැඩි දුරටත් සදහන් කළේය.