(ලසන්ත නිරෝෂණ පෙරේරා)
කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු ලබන 28 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය.
කහවත්ත පලන්සුරියගම හල්ලිද ප්‍රදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නම් තරුණයා ඉකුත් 30 වනදා රාත්‍රී කහවත් ඇන්දාන මාර්ගයේදි ප්‍රදේශයට රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර තිබුණි.
එම ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනකුගෙන් දෙදෙනකු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (16) වනදා ඉදිරිපත් කර රැදවුම් නියෝග අනුව ප්‍රශ්න කිරිමටත් අණෙක් සැකකරුවන් දෙදෙනා 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර තිබුණි.
ඒ අනුව අද පිටිපන උතුර පදිංචි කේ.රමේශ චින්තක සහ වටරැක පදිංචි ඒ.දුලාන් ධන්නංජය යන සැකකරුවන් දෙදෙනා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කහවත්ත තරුණයා ඝාතනයට තවත් තරුණයන් දෙකක් රිමාන්ඩ්