අම්පාර දිසාපති පත් කරයි


 

(අංජුල මහික වීරරත්න)

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන අතිරේක කොමසාරිස් ජනරාල් ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී අනුපම මංගල වික්‍රමාරච්චි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.