(ඩිල්ශානි චතුරිකා දාබරේ)
අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන සහ අවට බාධාකාරී ලෙස හැසිරෙන හෝ දේපලවලට හානිකරන අයදුම්කරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවත්, ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
එලෙසින් හැසිරෙන අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල, පවත්නා විභාග පනත් යටතේ අවලංගු කරන බවද නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටී.
ඒ අනුව විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර සේවා ක්‍රියාත්මක බව පවසන විභාග කොමසාරිවරයා, හදිසියකදී පැමිණිලි කළ යුතු දුරකතන අංක කිහිපයක් ද නිවේදනයේ සඳහන් කර තිබේ.


