(විනීතා එම් ගමගේ)
මෙවර මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් 8 දෙනෙකු සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත් කර ඇතැයි මාර්තු 12 ව්‍යාපාරය කියයි.
වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කරන්නැයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගෙන් මාර්තු 12 ව්‍යාපාරය කළ ඉල්ලීමට අනුව මෙම අපේක්ෂකයකන් අටදෙනා වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කර ඇතැයි ද එම ව්‍යාපාරය කියයි.
එකී වත්කම් මාර්තු 12 ව්‍යාපාරයේ නිර්නායකවලට අනුගත වන බවට ප්‍රකාශයක් මාර්තු 12 ව්‍යාපාරය වෙත ලබා දුන් බව එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
මහාචාර්ය ආශු මාරසිංහ,ප්‍රේමනාත් සී දොලවත්ත, එම් තිලකරාජා, ඉරාන් වික්‍රමරත්න, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, එම් කේ සිවාජිලංගම්, එච් එම් එස් චතුරිකා ජයතිලක යන අපේක්ෂක අපේක්ෂිකාවෝ මෙසේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මැතිවරණය දිනා මන්ත්‍රී පදවියක දිවුරුම් දීමට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ දිය හැකි වුවත් මැතිවරණයට පෙර එම ප්‍රකාශ ලබා දීමෙන් ජනතාව තු ල විශ්වාසය ගොඩ නැගෙන බව ද හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය.

