අපේ පොලිය විදුලි බිලෙන් අඩු කරයි


(දයාසීලි ලියනගේ)

විදුලිය ලබාගැනීම සඳහා පාරිභෝගිකයා තැන්පත් කරන ලද මුදල සඳහා ඔවුන්ට පොලියක් ගෙවන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.

මෙම ගෙවීම් ඔක්තෝම්බර් පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන ලෙසට ද මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇත.

රටේ පවතින පොලී අනුපාතය මත මෙම මුදල්වලට ගෙවිය හැකි පොලිය තහවුරු කර ගන්නා ලෙසටත් විදුලි බිලෙන් මෙම පොලී මුදල් අඩු කරන ලෙසට ද දන්වා ඇත.

විදුලි බිල වැඩි කිරීම මගින් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 800 ක ආදායමක් අපේක්ෂා කර තිබුණි.