අපේ මැටි වැඩ මොස්කව් යයි


(අංජුල මහික වීරරත්න)

රුසියාවේ මොස්කව් අගනුවර වාර්ෂිකව පැවැත්වෙන සංස්කෘතික සතිය සඳහා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලා ශිල්ප විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටියක් සහ අලෙවිසැලක් නිර්මාණය කිරීමට ආරාධනා ලැබ ඇතැයි වෙිවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

ශ්‍රී ලාංකික ශිල්පීන් නිර්මාණය කරන ලද කලා නිර්මාණ සංස්කෘතික ප්‍රදර්ශනයට යැවීම සඳහා කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාට විදේශ අමාත්‍යාංශයේ දී බාරදුන් බව රණවීර මහතා සඳහන් කරයි.

මෙලෙස මොස්කව් යවන ශ්‍රී ලාංකික කලා නිර්මාණ වලින් කොටසක් රුසියානු ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහාද ඉල්ලීම් ලැබී ඇතැයි ද ප්‍රසන්න රණවීර මහතා කියයි.

ඔක්තෝම්බර් මස 03 වන දා සිට 09 වන දා දක්වා රුසියානු ජාතික සංස්කෘතික ප්‍රදර්ශනය මොස්කව් අගනුවර දී පැවැත්වෙි.