අපුරේ ප්‍රධාන වැව් සියල්ල වාන් දමයි


(දයාරත්න ඇඹෝගම)

පවතින අධික වැසි හේතුවෙන් වාරිමාර්මර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජලාශ දාහතර, සහ  අනෙකුත් මධ්‍යම හා සුළු පරිමාන වැව් තුන්දහසකට අසන්න වැව් ප්‍රමණයක් වාන් දමමින් පවතින බව වාරි ඉංජිනේරුවරු පවසති.

අනුරාධපුර දස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජලාශයක් වන රාජංගණය ජලශයේ වාන් දොරටු 10ක්ම අද(19)දින විවෘත කොට තිබේ.

එම ජලාශයෙන් තත්පරයකට ජලය ඝණ අඩි14,346 ක් කළාඹයට මුද හැරිමේ හේතුවෙන් කලාඹය පහළ ප්‍රදේශයේ ගංවතුර හට ගැනිමේ අවදානමක් පැවැතුණි.

 පවතින අධික වරැෂාව හේතුවෙන් හොරොව්පොත වැව  වාන් දැමිමත් සමග වැව පාමුල පිහිටි නිවාස විස්සක් පමණත් නගරයත් අද(19)දින ජලයෙන් යටවි තිබුණි.

මෙම හේතුව නිසා හෙරොව්පොතන ගම්මැද්දේ පදිංචිව සිටි පුද්ගලයන් පනහකට අධික පිරිසක් හොරොව්පොතාන සවර්ණතිලක විහාරස්ථානයේ හා ඥාති නිවෙස්වල රැදි සිටිති.

අනුරාධපුර,ත්‍රිකුණාමල මාර්ගය,වවුනියව මාර්ගය,අලුත්ඔය මාර්ගය ජලයෙන යටවිමේ හේතුවෙන් ගමනා ගමනයට බධා එල්ලවි ඇති බවත් හොරොව්පොතාන රන්මුතු ගොවි සංවධානයේ සභාපති එස්.ටි.විජයතිලක මහතා පැවසිය.

හොරොව්පොතාන වැවේ සිට කුඹුරැ සදහා ජලය රැගෙන යන ප්‍රධාන ඇල සහ අතුරැ ඇලවල් අනවසර ඉදිකිරිම් හේතුවෙන් අවහිර විම නිසා නිවාස හා නගරය යටවිමට ප්‍රධානතම හේතුවක් බවද විජයතිලක මහතා පැවසිය.