(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
අප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ට එම විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙළක් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව, විශ්‍රාම වැටුප් හිමියන් රජය විසින් ලබාදෙන ප්‍රවාහන පහසුකම් උපයෝගී කරගනිමින් තැපැල් කාර්යාල වෙත පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඒ මහතා සඳහන් කරයි.
අප්‍රේල් 4 වන දින වනවිටත් තම විශ්‍රාම වැටුප නිවසටම නොලැබුණහොත් පමණක් ඒ සම්බන්ධයෙන් තමන් විශ්‍රාම වැටුප ලබාගන්නා තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් දී විමසන ලෙස තැපැල්පතිවරයා දැනුම් දෙයි.


