අප්‍රිකාවේ වික්ටෝරියා විලේ ගමන් කරමින් තිබු යාත්‍රාවක් පෙරැළීමෙන් පුද්ගලයින් 29 දෙනකු මිය ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
කලාකරුවන් ඇතුළු පිරිසක් රැගෙන ගමන් කළ මෙම යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 100 ක් පමණ ගමන් කර ඇති අතර යාත්‍රාව උගන්ඩාවේ අග නගරයවන කම්පාලා ප්‍රදේශයෙන් විලට පිවිස තිබේ.
මේ වනවිට 60දෙනෙකු පමණ අතුරුදන් වී ඇතැයිද, ඔවුන් මුදා ගැනීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වනබවද උගන්ඩා පොලීසිය සඳහන් කරයි.
විනෝද සංචාරයක් සඳහා සති අන්තයේදී මෙම බෝට්ටුව කුලියට ගෙනමෙම පිරිස ගමන් අරඹා තිබේ.
උගන්ඩාවේ ජනමාධ්‍ය අයතනයක කිහිපදෙනකුද, කලා ශිල්පීන් කිහිප දෙනකුද ඒ අතර සිට ඇති අතර, උගන්ඩාවේ රජුගේ සොහොයුරා වු දසුතී කිංටු කුමරු දිවි බේරාගත් අය අතර වන බව පොලීසිය සඳහන් කරයි.
හෙලිකොප්ටර් සහ සහන සේවා කණ්ඩායම් යොදවා ගනිමින් සිරුරු සෙවීම් කටයුතු අරඹා ඇතැයි එරට පොලීසිය පවසයි.
වික්ටෝරියා විලෙහි මීට පෙරද මෙවැනි අනතුරු සිදු වී අති අතර 1996 වසරේදී මෙලෙසම සිදුවූ අනතුරකින් දහසකට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වී තිබේ.
උගන්ඩාවේ නියෝජ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැට්‍රික් ඔන්යාගෝප් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ යාත්‍රාවට දැරිය නොහැකි පිරිසක් පටවාගෙන යාත්‍රාව ගමන් කිරීම හා ඒ මොහොතේ පැවැති කාලගුණික තත්ත්වය මෙම අනතුරට විශාල හේතුවක් වී ඇති බවයි. එසේම බොහෝ දෙනකුට ජීවිතාරක්ෂක උපකරණ කට්ටල නොතිබී ඇතැයිද ඔහු පවසයි.
අනතුරට ලක් වු පිරිස අතුරින් සොයාගත් සිරුරු ගොඩබිමට රැගෙන එද්දී පැමිණ සිටි ඥාතීන් විසින් ඔවුන් හඳුනා ගෙන තිබිණි.
( බී බීසී ඇසුරෙනි)
(36698)