
(පී.ගාර්දියවසම්)
අපල දුර කර ගැනීම සඳහා සිය ආච්චි අම්මා සමග වීරවිල ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දේවාලයකට ගිය කුඩා දරුවකුගේ අත පිළිස්සී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
අපලය දුර වෙන්නැයි ප්‍රර්ථනාකර පූජා පවත්වා අනතුරුව පූජාව පැවැත් වූ විහාරාධිපති හිමි කපුරු පෙත්තක් දරුවාගේ අල්ලමත තමා එය දැල්විම නිසා දරුවාගේ දකුණු අත තදබල ලෙස පිළිස්සී ඇතැයි ද පොලිසිය කියයි.
පිළිස්සුණු තුවාල සහිතව දරුවා වීරවිල රෝහලටත් එතැනි හම්බන්තොට රෝහලටත් ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. විහාරාධිපති හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

