අපරාධ කල්ලි සමාජිකයෙක් ගිනි අවියක් -උණ්ඩ 14ක් සමඟ අල්ලයි


 

(සුමිත් පොතුපිටිය )

දකුණු පළාතේ  ක්‍රියාත්මක ප්‍රබල අපරාධ කල්ලියක  සාමාජිකයෙකු විදෙස් රටක නිශ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 14 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ලේ ඩිංගියා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන 32 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

ඊයේ  (17) පස්වරුවේ අහුංගල්ල ප්‍රදේශයේ සිට වැලිපැන්න ප්‍රදේශයට ගිනි අවියක් රැගෙන පැමිණෙන බවට ලද තොරතුරක් වැලිපැන්න,කැප්පෙටිගහලන්ද ප්‍රදේශයේ දී සැකකරු  මත පරීක්ෂා කිරීමේදී බෑගයක සගවා තිබූ එන්පී 22 මිමි වර්ගයේ ගිනි අවිය, එම මැගසීනය සහ ජීව උණ්ඩ 14 ක් සොයාගත් බව පොලිසිය සදහන් කරයි.

අත් අඩංගුවට ගෙන ඇති ගිනි අවිය ආරක්ෂක අමාත්‍යාංශයට අයත් එකක් බවට සැකකර මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සදහන් වේ.