
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීයේ සභාවේ හිටපු උපසභාපති වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදීකරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගත් බවව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5430ක් සමග මාලඹේ තලාහේන ප්‍රදේශයේදීය.
2022 වර්ෂයේ අගෝස්තු මස 02වෙනි දින මුල්ලේරියාව රෝහල ආසන්නයේදී එම ඝාතනය සිදුවිය.
එම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයෙන් විභාග වන නඩු දෙකක් සඳහා විවෘත වරෙන් නිකුත්ව ඇති බවට අනාවරණය වන බව පොලිසිය කියයි.
සැකකරු වයස අවුරුදු 32ක් වන තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

